බවර් සමාගම, ප්‍රගතිශීලීත්වයේ සහ නවෝත්පාදනයේ 127 වසරක අභිමානය සමරයි

ශ්‍රී ලංකාවේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් පෙරදැක්මකින් යුතුව ක්‍රියාත්මකවන, විද්‍යාත්මක සහ වෘත්තීමය දැනුම මුසුකරගත් නවෝත්පාදන සමාගම් සමූහයක්වන බවර් සමාගම, සිය 127 වසරක අඛණ්ඩ වර්ධනය සහ ප්‍රගතිය මේ වසරේ අභිමානයෙන් සමරනු ලබයි.

දේශීය කෘෂිකර්මාන්තයේ සංවර්ධනය සහ නවෝත්පාදනය වෙනුවෙන් ද ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරන බවර් සමාගම, 2021 වසරේදී ශ්‍රී ලංකාව කාබනික කෘෂිකාර්මික ප්‍රතිපත්තියකට යොමුවීමත් සමඟ ඒ වෙනුවෙන් සුවිශේෂී පියවර ගණනාවක් ගනුලැබීය. සමාගම විසින් වසර ගණනාවක් පුරා පවත්වාගෙන යන පර්යේෂණ සහ සංවර්ධන වැඩපිළිවෙළ ද, තිරසර කාබනික කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් සාමූහික සැලසුම ද, ස්විට්සර්ලන්තයේ FiBL සහ HAFL ආයතනවල මෙන්ම මෙරට කෘෂි ක්ෂේත්‍රයේ විවිධ අංශවල විශේෂඥ දැනුම ද ඊට උපකාරී විය.

2018 වසරේ සිට සිදුකරන ලද අත්හදාබැලීම්වලින් අනතුරුව මේ වසර මුලදී සුපර් යූරියා වෙළෙඳපොළට ඉදිරිපත්කිරීමට බවර් සමාගම කටයුතු කළේ ද එම ප්‍රතිපත්තිය මූලික කරගනිමිනි. සුපර් යූරියාවල විශේෂත්වය වන්නේ අමෝනියා වාෂ්පශීලීත්වය අවමකරමින් සහ, පසේ නයිට්‍රජන් සංයුතිය වර්ධනය අවමකරමින් ද්විත්ව කාර්යභාරයක් සිදුකිරීමයි. ඒ හරහා නයිට්‍රජන් පොහොර භාවිතයේ කාර්යක්ෂමතාව වර්ධනයවන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඉහළ අස්වැන්නක් ද ලබාගත හැක. ඒ අවම පාරිසරික බලපෑමක් යටතේ ජනතාවට වඩාත් සෞඛ්‍ය සම්පන්න ආහාර ලබාගැනීමේ අවස්ථාව උදාකරදෙමිනි. ‍

බවර් සමාගමේ ඖෂධ බෙදාහැරීම් අංශය ද එහි දැවැන්ත බෙදාහැරීම් ජාලය, ලොව උසස්ම තත්ත්වයේ සේවාව සහ තාක්ෂණික දියුණුව හේතුවෙන් විශාල වර්ධනයක් අත්පත්කරගෙන තිබේ. පසුගිය වසරේදී ලොව දැවැන්තම ඖෂධ සේවා බහුජාතික සමාගමක්වන GSK සමඟ විශේෂ ගිවිසුමකට අත්සන් තැබූ බවර් සමාගම ශ්‍රී ලංකාව තුළ GSK නිර්දේශිත ඖෂධ සහ එන්නත් ආනයනය සහ බෙදාහැරීම සඳහා බලයලත් එකම නියෝජිතායතනය බවට ද පත්විය. ඊට අමතරව ප්‍රකට ජර්මානු බහුජාතික වෛද්‍ය උපකරණ නිෂ්පාදන සමාගමක්වන Fresenius Medical Care හි ශ්‍රී ලාංකික ශාඛාවවන Fresenius Medical Care සමාගම සමඟ ද බවර් සමාගම විශේෂ සහයෝගීතාවකට මුලපිරීය.

doctor